General29 April 2026

ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ජිප්සම් ප්ලාස්ටර් (Gypsum Plaster) තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ කළ විශාල කහ තොගයක් අද (29) අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ කාර්ය සාධක බලකායේ (RTF) නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙහිදී කහ කුඩු කිලෝ ග්‍රෑම් 2,580ක් සහ වියළි කහ අල කිලෝ ග්‍රෑම් 3,950ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජිප්සම් ප්ලාස්ටර් ඇසුරුම් තුළ සඟවා ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදු කිරීමට උත්සාහ කර තිබුණා.

රේගු නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී මෙම නීතිවිරෝධී ආනයනය අනාවරණය වුණා.

අත්අඩංගුවට ගත් කහ තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes