රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ලබන මාසයේ නවදිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉන්දියාවේ සංචාරයක නිරත වන බව රුසියානු විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇති බවයි.
මොස්කව්හි පැවැති මාධ්‍ය හමුවකදී රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා පැවසුවේ, ලැව්රොව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අතර ද්විපාර්ශ්වික සබඳතා සහ වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ රුසියානු-ඉන්දීය අන්තර් රාජ්‍ය කොමිසමේ රැස්වීම් සඳහා සූදානම් වීම ඇතුළු තවත් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇති බවයි.
"මැයි 14 සහ 15 යන දිනවල රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් නවදිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍ය මණ්ඩල සැසියට සහභාගී වනු ඇති.
ඉන්දියාවේ සභාපතිත්වය යටතේ පැවැත්වෙන මෙම සැසිය ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ අදාළ කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමටත්, ගෝලීය පාලන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ ලෝකයේ බහුතර රටවල භූමිකාව වැඩි කිරීමටත් හොඳ අවස්ථාවක් වනු ඇත.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී නවදිල්ලියේ පැවැත්වීමට නියමිත 18 වන බ්‍රික්ස් සමුළුවට සූදානම් වීම සහ බ්‍රික්ස් හවුල්කාර රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත," යැයි සකාරෝවා සඳහන් කළා.
බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍ය මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළ, ඔහු ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා ද ඇතුළුව පූර්ණ ද්විපාර්ශ්වික සංචාරයක නිරත වනු ඇති..
ඔවුන් සමස්ත ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම ඉහළම මට්ටමේ සහ ක්‍රියාකාරී මට්ටමේ සම්බන්ධතාවල කාලසටහන පිළිබඳව ද සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ රුසියානු-ඉන්දීය අන්තර් රාජ්‍ය කොමිසමේ රැස්වීම් සූදානම් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.
තවද, ඔවුන් දෙපාර්ශවයටම වැදගත් වන පොදු කරුණු පිළිබඳව සලකා බලනු ඇති අතර, ඉහළ මට්ටමේ සම්බන්ධතා පැවැත්වීම සහ ඒවා සූදානම් කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කරගනු ඇත," යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026
මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි
Local
30 April 2026
කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්
Local
30 April 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී
Local
30 April 2026
කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට දඩ
Local
30 April 2026
වතුර බෝතල් මුවාවෙන් සිදු කළ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක් එළියට
Local
30 April 2026
ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්
Local
30 April 2026