General30 April 2026

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කරමින්, ලන්ඩනයේ පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ණය කළමනාකරණ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබෙනවා.

මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO), "වසරේ ණය කළමනාකරණ කාර්යාලය - ආසියා පැසිෆික්" (Public Debt Management Office of the Year - Asia-Pacific) යන සම්මානයෙන් පිදුම් ලැබූ බවයි.

මෙම සම්මාන උළෙල 2026 මාර්තු 26 වන දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හිදී පවත්වා තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය ස්ථාපනය කර මාස 15ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමි කර ගැනීම විශේෂත්වයක් බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

වසර 75ක කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවති දේශීය රජයේ සුරැකුම්පත් වෙන්දේසි කිරීමේ වගකීම, 2025 දෙසැම්බර් මාසයේදී මෙම කාර්යාලය වෙත පවරා ගැනීම ද මෙහිදී ඇගයීමට ලක්වූ බවත් එම නිවේදනයේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes