පාකිස්ථානයේ බලොචිස්ථානයේ කේච් දිස්ත්‍රික්කයේදී එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින්, බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබ මෑතකදී නිවසට පැමිණි බව කියන පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවයි.
මියගිය පුද්ගලයා කේච් දිස්ත්‍රික්කයේ තුම්ප් ප්‍රදේශයේ කොන්ෂ්කලාත් හි පදිංචිකරුවෙකු වන අමීර් නූර් ලෙස හඳුනාගෙන තිබෙනවා.
දේශීය වාර්තාවලට අනුව, අමීර් නූර් 2024 නොවැම්බර් මාසයේදී පකිස්ථාන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව කියනු ලබන අතර, දින හතරකට පෙර නැවත පෙනී සිටින තෙක් ඔහු දීර්ඝ කාලයක් අතුරුදහන්ව සිට තිබෙනවා.
මූලාශ්‍ර පවසන පරිදි, ඔහු සිය බිරිඳ සමඟ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරච්චි බලා යමින් සිටියදී හඳුනා නොගත් සන්නද්ධ පිරිසක් ඔවුන් ගමන් කළ මගී බස් රථය නවතා, යුවළ ඉන් පිටතට ගෙන්වා වෙඩි තබා ඇති අතර, අමීර් නූර් එම ස්ථානයේදීම මියගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් වී නැහැ.
ප්‍රහාරකයින් රජයේ අනුග්‍රහය ලබන සන්නද්ධ කණ්ඩායමකට සම්බන්ධ අය බවට ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු චෝදනා කරන අතර, එම කලාපය තුළ ඔවුන් පොදුවේ හඳුන්වනු ලබන්නේ "මරණ බලකායන්" (death squad) ලෙසින්.
කේච් දිස්ත්‍රික්කය වසර ගණනාවක සිට නිදහස වෙනුවෙන් කෙරෙන කැරලි, කැරලි මර්දන මෙහෙයුම්, ඉලක්කගත ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වාර්තා වන බලොචිස්ථානයේ වඩාත්ම අස්ථාවර ප්‍රදේශවලින් එකක් ලෙස පවතිනවා.
මානව හිමිකම් සංවිධාන සහ අතුරුදහන් වූවන්ගේ පවුල් මෙම කලාපයේ සිදුවන අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්ෂණ පවත්වන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටින අතර, පකිස්ථාන බලධාරීන් පවසන්නේ ආරක්ෂක මෙහෙයුම් සිදු කරනු ලබන්නේ එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව පමණක් බවයි.

Latest News
අතුරුදහන් කිරීම් සහ ඝාතන ගැන පාකිස්ථානයට චෝදනා
Local
03 May 2026
පළමු කාර්තුවේ පමණක් වාහන ගෙන්වන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක්
Local
02 May 2026
සියලු ඉන්ධන මිල ඉහළට
Local
02 May 2026
ජනපති ගැන හෙළිදරව්වක් කළ මාලදිවයිනේ මාධ්‍ය ආයතනයකට ප්‍රශ්න
Local
02 May 2026
මහා භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ අවසන් කටයුතු සිදුකෙරේ
Local
02 May 2026
ඉරාන තෙල් මිලදී ගන්නා සමාගම්වලට පැනවූ ඇමරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
මත්ද්‍රව්‍ය සිද්ධියට කොටුවූ චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
Local
02 May 2026
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
Local
02 May 2026
ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි
Local
02 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට
Local
02 May 2026