General03 May 2026

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට නොතීසි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට අල්ලස් කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

එයාර් බස් ගණුදෙණුව සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ලබන 12 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනුයි මෙම නොතිසිය මඟින් දැනුම්දී ඇත්තේ.

මීට පෙර ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගත් අතර, ඔහු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes