'ලොකු පැටීගේ' සහෝදරයා පිටුපස සිටි බවට හෙළිවෙයි
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සූදානමින් සිටි බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු විදේශීය නිෂ්පාදිත ගිනි අවියක්, පතරොම් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට අහුංගල්ල පොලිසිය සමත්වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
ඊයේ (03 රාත්‍රීයේ සිදුකළ විශේෂ වැටලීම් මාලාවකදී මෙම සැකකරුවන් කොටු කරගෙන තිබූ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
අහුංගල්ල පොලිසියට ලද බුද්ධි තොරතුරකට අනුව මුලින්ම වැටලීම සිදු කර ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් වසමේ බේරතුඩුව සහ බලපිටිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්.
එහිදී බලපිටිය ප්‍රදේශයේ නිවෙසක සිටි 31 හැවිරිදි සැකකරුවෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, පතරොම් ගැබක් (Magazine) සහ ජීව පතරොම් 16ක් සොයාගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ.
මීට අමතරව ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 500ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
ප්‍රධාන සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් 22 හැවිරිදි තරුණයා එදිනම රාත්‍රියේ වදදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබුණා.
මෙම පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේදී හෙළිවී ඇත්තේ, අදාළ පිස්තෝලය ලබාදීම පිටුපස දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ලොකු පැටී' නමැත්තාගේ වැඩිමහල් සොයුරා සිටින බවයි.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව දැනට සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සැකකරුවන් කිසියම් සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීමේ අරමුණින් මෙම ගිනි අවිය සහ පතරොම් සූදානම් කරගෙන ඇති බවට හෙළිව ඇතැයි ද පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ 'ලොකු පැටී' නමැති අපරාධකරු අතර ඇති සබඳතා පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Latest News
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026