General04 May 2026

දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව

දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Sheet Booking) පහසුකම සපයා ඇති බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

දුරගමන් යන මගීන්ට www.busticket.gov.lk වෙබ් අඩවියට පිවිස හෝ 0112 001 266 යන ක්ෂණික දුරකතන අංකය මගින් ආසන වෙන්කරවා ගැනීමට අද සිට හිමිවන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.

අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ, ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද දින (04) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Sheet Booking) පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්. රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.මහර අවස්ථාවලදී ආසනය වෙන්කරන්න රුපියල් 200 – 300 අතර මුදලක් ගෙවන්න සිද්ධවුණා. මේ නව ක්‍රමය නිසා එක් ආසන වෙන්කිරීමකට ගෙවන්න වෙන්නේ රු. 30 ක් වගේ මුදලක්. මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගතයි. ''
Related recommendation
Hiru TV News | Programmes