නොර්වුඩ් පොලිස් වසමට අයත් හළුවැල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙක් උපකරණ ද සමඟ ඊයේ (03) අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.
නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමකට ලද තොරතුරක් මත හළුවැල්ල ප්‍රදේශයේ සිදු කළ මෙම වැටලීමේදී, බලපත්‍රයක් නොමැතිව ඉතා සූක්ෂ්ම ලෙස මැණික් ගරමින් සිටි සැකකරුවන් පිරිස මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් මැණික් ගැරීම සඳහා යොදාගත් විවිධ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 43 ත් අතර වයස්වල පසුවන පිරිසක් බව පොලිසිය පවසනවා.
මොවුන් නොර්වුඩ් සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මැණික් ගැරීමට යොදාගත් උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නොර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා.
Latest News
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026