General04 May 2026

විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ වෙළඳාම් කටයුතුවල නිරත වෙමින් සිටි කාන්තාවක් තියුණු තලයකින් කපා බරපතල තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලක්ෂ 2ක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4)නියෝග කළා.

මෙසේ ඇපමත මුදා හැරුණේ විහාර මහා දේවි උද්‍යානයේ වෙළෙඳාම් කරන ලද කාන්තාවකි.

ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව සැකකාර පුද්ගලයා එම කාන්තාව තියුණු තලයකින් කපා ඇති බවද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes