දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Seat Booking) පහසුකම සපයා ඇති බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
දුරගමන් යන මගීන්ට www.busticket.gov.lk වෙබ් අඩවියට පිවිස හෝ 0112 001 266 යන ක්ෂණික දුරකතන අංකය මගින් ආසන වෙන්කරවා ගැනීමට අද සිට හිමිවන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ, ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද දින (04) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Seat Booking) පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්. රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.මහර අවස්ථාවලදී ආසනය වෙන්කරන්න රුපියල් 200 – 300 අතර මුදලක් ගෙවන්න සිද්ධවුණා. මේ නව ක්‍රමය නිසා එක් ආසන වෙන්කිරීමකට ගෙවන්න වෙන්නේ රු. 30 ක් වගේ මුදලක්. මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගතයි. ''

Latest News
නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට
Local
04 May 2026
ඔටාවා 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස ප්‍රකාශයට පත් කරයි
Local
04 May 2026
අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
Local
04 May 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි
Local
04 May 2026
දෙමටගොඩදී දුම්රියක් පීලි පනී : දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි
Local
04 May 2026
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනී
Local
04 May 2026
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Seat Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026