General04 May 2026

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනී

නල්ලතන්නියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක එන්ජින් කොටස අද (04) පෙරවරුවේ හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙරවරු 10:15 ට පමණ හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය වත්ත ප්‍රදේශයේදී යි.

ත්‍රීරෝද රථයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, එන්ජින් කොටසින් ගිනි ජාලා මතු වනවාත් සමඟම ක්‍රියාත්මක වූ රියදුරා සහ එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ අනෙකුත් වාහන හිමියන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට සමත්ව තිබෙනවා.

ගින්න හටගන්නා අවස්ථාවේදී ත්‍රීරෝද රථය තුළ රියදුරා සහ තවත් එක් මගියෙකු ගමන් කර ඇති අතර, ඔවුන් දෙදෙනාටම කිසිදු තුවාලයක් සිදුවී ඇත්තේ නැහැ.
Related recommendation
Hiru TV News | Programmes