International04 May 2026

ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්

ඉරානයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හි පිහිටි ඛනිජ තෙල් කර්මාන්ත පුරයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව එමීර් රාජ්‍යයේ මාධ්‍ය ඒකකය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉරානයේ සිට මිසයිල හතරක් ද එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඉන් බහුතරයක් සිය ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කිරීමට සමත් වූ බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes