International04 May 2026

ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා

ඉරානය විසින් එල්ල කරන ලද නවතම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ ඩුබායි සහ සාජා බලා ධාවනය වන ගුවන් ගමන් රැසකට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ගුවන් යානා කිහිපයක් ගුවනේ රඳවා තබා ගැනීමටත් (Holding), තවත් ගුවන් යානා කිහිපයක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමටත් (Diverted) බලධාරීන් පියවර ගෙන ඇති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes