තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ලැබූ පරාජය හමුවේ ජනතා තීන්දුව නිහතමානීව පිළිගන්නා බවත්, ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් පවසනවා.
අද (04) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජයග්‍රහණය කළ සියලු දෙනාට තමන් සුබ පතන බවයි.
එමෙන්ම, තමන් මෙතෙක් කල් කාර්යක්ෂම පාලක පක්ෂයක් ලෙස කටයුතු කළා සේම, ඉදිරියේදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින සක්‍රීය විපක්ෂයක් ලෙස ක්‍රියා කරන බව සඳහන් කර තිබෙනවා.
දශක ගණනාවක් තිස්සේ තමිල්නාඩු දේශපාලනය හෙබවූ DMK-AIADMK ද්විත්ව පාලනය බිඳ දමමින්, සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂය 2026 ප්‍රාන්ත සභා මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම මැතිවරණයේ වඩාත්ම සුවිශේෂී සිදුවීම වූයේ හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් සිය කොලතූර් (Kolathur) බලකොටුවේදී TVK අපේක්ෂක වී.එස්. බාබු හමුවේ ඡන්ද 8,795 කින් පරාජයට පත්වීමයි.
විජේගේ TVK පක්ෂය මේ වන විට ජයග්‍රහණය ලබා පෙරමුණේ පසුවන අතර එය ප්‍රාන්තයේ තනි විශාලතම පක්ෂය බවට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 118 ක බහුතරය ලබා ගැනීමට එම පක්ෂයට තවත් ආසන කිහිපයක හිඟයක් පවතිනවා.
මූලාශ්‍රය | ද හින්දු

Latest News
"ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා" : ට්‍රම්ප්
Local
04 May 2026
"Project Freedom" මෙහෙයුමට එක්වන්න : ට්‍රම්ප් දකුණු කොරියාවෙන් ඉල්ලයි
Local
04 May 2026
වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM
Local
04 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්
Local
04 May 2026
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා
Local
04 May 2026
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026