International04 May 2026

වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM

මුහුදු සීමාවේ වාණිජ නෞකාවල ගමනාගමනයට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන යාත්‍රා හයක් විනාශ කිරීමට අමෙරිකානු හමුදා පියවර ගත් බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානී බ්‍රැඩ් කූපර් පවසනව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු හමුදා විසින් මෙම ඉරාන යාත්‍රා මුහුදුබත් කර ඇත්තේ ජාත්‍යන්තර නාවික ගමන් මගෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බවයි හෙතෙම අවධාරණය කර ඇත්තේ.

මෙහිදී ඉරාන හමුදාවන් වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් බ්‍රැඩ් කූපර් සඳහන් කර ඇත්තේ, අමෙරිකානු දේපළ හා වත්කම්වලින් බැහැරව සිටින ලෙසයි.

මූලාශ්‍රය | අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes