කැලණිය විශ්ව විද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලීන් වසර දෙකක් ඇතුළත පූර්ණ ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 476ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි වූ බවට අද (05) දැනුම් දුන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේනේතුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි.
කැලණිය විශ්ව විද්‍යාලය තුළ දැනටමත් මූලික තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පවතින නමුත්, වේගයෙන් වෙනස් වන ගෝලීය අවශ්‍යතාවන්ට අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්රය නවීකරණය කිරීම සඳහා එම පහසුකම් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, විශ්ව විද්‍යාලයේ පද්ධති සහ මෙහෙයුම් නවීකරණය කරමින් වඩාත් ගතික හා ඩිජිටල් කේන්ද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය හරහා දැනට විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී සිටින උපාධි අපේක්ෂකයින් 16,368කට, පශ්චාත් උපාධි අපේක්ෂකයින් - 1,114කට, බාහිර උපාධි අපේක්ෂකයින් 56,619කට අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය - 1,700කට පමණ සෘජු ප්රතිලාභ සැලසෙනු ඇතැයි වාර්තා වෙනවා.
2026-2027 වර්ෂයන් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය මඟින් විශ්ව විද්‍යාලයේ සේවා සැපයීම වැඩි දියුණු කිරීම, පුළුල් පරාසයක සිසුන් ආකර්ෂණය කර ගැනීම සහ මූල්‍ය තිරසරභාවය සුරක්ෂිත කර ගැනීම වැනි වාසි රැසක් අත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබනවා.
Latest News
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග
Local
05 May 2026
රේගු නව අධ්යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ
Local
05 May 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් නැතිවීම මහා හොරකමක්: හර්ෂ ද සිල්වා
Local
05 May 2026
එළැඹෙන මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික්ටොන් 20,000ක්
Local
05 May 2026
කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට: රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
Local
05 May 2026
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
Local
05 May 2026
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
Local
05 May 2026
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
Local
05 May 2026
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
Local
05 May 2026
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
Local
05 May 2026