අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් පුද්ගලයකු නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත්තැයි කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, එම සැකකරු අල්ලස් කොමිසම මගින් ඊයේ (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පසුගිය අප්‍රේල් මස 19 වන දින පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණු බවත්, ඔහුට එරෙහිව නීති මගින් කටයුතු නොකර නිදහස් කිරීම සඳහා සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇතුළු දෙදෙනෙකු රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා.
එම වැටලීමේදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත් වූ අතර, අනෙක් කොස්තාපල්වරයා එම ස්ථානයෙන් පලා ගොස් තිබු බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ.
ඒ අනුව අදාල අල්ලස් ලබාගැනීමට ආධාර අනුබල දීම සහ මුදල් ඉල්ලා ලබාගැනීම යන චෝදනා මත එම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (04) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබුවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කිවුල්දෙණිය හේරත් මුදියන්සේලාගේ දිනූෂ ෂෙහාන් බණ්ඩාර කිවුල්දෙණිය නමැති පොලිස් කොස්තාපල්වරයායි.
Latest News
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
Local
05 May 2026
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
Local
05 May 2026
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
Local
05 May 2026
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
Local
05 May 2026
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
Local
05 May 2026
මහජන බැංකුවට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය
Local
05 May 2026
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප
Local
05 May 2026
මත්පැන් පානය ඉහළට
Local
05 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක
Local
05 May 2026
පසුගිය මාසයේදී රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
05 May 2026