හබරාදුව කොක්වත්තේදී පෙරේදා (3) අලුයම අකුණුසැර වැදුන නිවසේ නිදා සිටියදී මිය ගිය ඇඟලුම් කම්හල් සේවිකාවගේ මරණය සිදුවී ඇත්තේ අකුනුසැර වැදීමෙන් නොව අකුනු වැදී කඩා වැටුණ නිවෙසේ වහලේ සහ බිත්තිවල කැබලි හිසේ වැදී ඇති වු දරුණු තුවාලවලින් බව ඒ පිළිබද මරණ පරීක්ෂණය පැවැත්වු හබරාදුව හදිසි මරණ පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා.
හබරාදුව හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණීතිලක ඉදිරියේ කරාපිටිය ජාතික රෝහලේදී පවත්වනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම තීරණය ඊයේ (04) ප්‍රකාශයට පත් කෙරුණා.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චිත්‍රානී වීරසිංහ වාර්තා කර සිටියේ මොට යමක් හිසේ වැදීමෙන් සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
ඒ අනුව මරණ පරීක්ෂකවරයා තීන්දු කළේ අකුණු වැදීමත් සමඟ නිවසේ බිත්ති සහ වහලයේ කොටස් කඩා වැටී තරුණියගේ හිසට හානි සිදුවීම මරණයට හේතුව වී ඇති බවයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පස්ගොඩ, රොටුඹ පාර පදිංචිව සිටි, කොග්ගල ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කළ සේනානායක සේදිගල්ලගේ ඉමාෂා මධුභාෂිණි හිතවංස (25) නමැති තරුණියක්.
ඇය සමඟ එම නිවසේ නවාතැන් ගෙන සිටි තවත් තරුණියක් බරපතළ තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලේ දැනටත් ප්‍රතිකාර ලබමින් සිටියි.
මියගිය තරුණියගේ පියා වන සේනානායක සේදිගල්ලගේ උපුල් හිතවංස (56) සාක්ෂි දෙමින් මෙසේ පැවසුවා.
"මියගොස් සිටින්නේ මගේ දෙවැනි දුවයි. එයා අවුරුදු එකහමාරක සිට කොග්ගල රැකියාව කරමින් හබරාදුවේ කාමරයක් කුලියට ගෙන නතර වී සිටියා. පසුගිය 02 වැනිදා දුව ගෙදර එන්න ඇහුවත්, රෑ බෝ වන නිසා මම එන්න එපා කිව්වා. ඊට පස්සේ අලුයම 2.30 ට විතර අපිට පණිවිඩයක් ආවා දුවලා ඉන්න කාමරයට අකුණක් වැදී රෝහල් ගත කළා කියලා. එන විටත් දුව මියගොස් සිටියා."
හබරාදුව පොලිසියේ සැරයන් සත්සර ගුණසේකර (62021) විසින් සාක්ෂි මෙහෙයවන ලදී.
මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් තරුණිය සුවය ලබා රෝහලෙන් පිටවූ පසු ඇයගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා උපදෙස් දී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
Latest News
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග
Local
05 May 2026
රේගු නව අධ්යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ
Local
05 May 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් නැතිවීම මහා හොරකමක්: හර්ෂ ද සිල්වා
Local
05 May 2026
එළැඹෙන මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික්ටොන් 20,000ක්
Local
05 May 2026
කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට: රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
Local
05 May 2026
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
Local
05 May 2026
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
Local
05 May 2026
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
Local
05 May 2026
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
Local
05 May 2026
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
Local
05 May 2026