General07 May 2026

චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්

චීනයේ පැවැත්වූ 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී මල්ලවපොර, කබඩි, දුර පැනීම යන ඉසව් වලින් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම් ලබාදී තිබෙනවා.

ඒ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී ඊයේ (06) පැවති උත්සවයකදීයි.

මෙම සුවිශේෂී දක්ෂතාවයන් අගයමින් ඔවුන් ගුවන් භට හා නායක ගුවන් භට තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස් කිරීම සිදු කෙරුණු අතර විශේෂ මුදල් ත්‍යාගද පිරිනැමුණා.
Related recommendation
Hiru TV News | Programmes