මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන, වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (06) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ඊයේ (මැයි 06) දින හබරාදුව පොලිස් වසමේ උනවටුන, දැලවැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නවාතැන්පොළකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පරීක්ෂා කිරීමේදී කොකේන් ග්‍රෑම් 280 මිලි ග්‍රෑම් 150, හෑෂ්: ග්‍රෑම් 10ක්, හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සහ විවිධ රටවලට අයත් විදේශ මුදල් නෝට්ටු රාශියක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 73 හැවිරිදි වියේ පසුවන එංගලන්ත ජාතිකයෙක්.
මොහු සන්තකයේ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ මෙරට රැඳී සිටීම සඳහා අවශ්‍ය වීසා බලපත්‍රයක් නොතිබූ බව වැටලීම සිදුකළ නිලධාරීන් තහවුරු කර ගෙන තිබුණා.
විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හබරාදුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Latest News
උදේ 10ත් සවස 4ත් අතර අව්වෙන් සමේ පිළිකා ඇති විය හැකියි - සෞඛ්‍ය අංශ
Local
07 May 2026
මැදපෙරදිග කලාපයේ අර්බුදය ගැන ලක් රජය කනස්සල්ලෙන්
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනට වරෙන්තු
Local
07 May 2026
මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට
Local
07 May 2026
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි
Local
07 May 2026
වීසා නොමැතිව රැඳී සිටි 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක STF දැලේ
Local
07 May 2026
සයිබර් වංචා මෙහෙය වූ බවට සැක කෙරෙන චීන සහ වියට්නාම ජාතිකයන් 30ක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
Local
07 May 2026
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026