ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (07) වරෙන්තු නිකුත් කළා.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටි සැකකරු, අධිකරණය පැනවූ ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට කරුණු තහවුරු වීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණා.
මෙම සැකකරුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන ලෙසට අල්ලස් කොමිසම අද (07) පෙරවරුවේ මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
සැකකරුට ඇප ලබාදීමේදී ඉදිරිපත් කළ ඇපකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඇති වූ සැකය මත සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මුදලට පෙනී සිටි ව්‍යාජ ඇපකරුවන් බවයි.
රුපියල් 15,000ක මුදලකට පෙනී සිටි බව කියන මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන අය සැකකරු සමඟ කිසිදු පෞද්ගලික දැන හැඳුනුම්කමක් නොමැති බවත්, ඔවුන්ට ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබුණා.
සිද්ධියට අදාළ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා ලබන මැයි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 258.09කින් ඉහළට
Local
07 May 2026
උදේ 10ත් සවස 4ත් අතර අව්වෙන් සමේ පිළිකා ඇති විය හැකියි - සෞඛ්‍ය අංශ
Local
07 May 2026
මැදපෙරදිග කලාපයේ අර්බුදය ගැන ලක් රජය කනස්සල්ලෙන්
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනට වරෙන්තු
Local
07 May 2026
මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට
Local
07 May 2026
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි
Local
07 May 2026
වීසා නොමැතිව රැඳී සිටි 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක STF දැලේ
Local
07 May 2026
සයිබර් වංචා මෙහෙය වූ බවට සැක කෙරෙන චීන සහ වියට්නාම ජාතිකයන් 30ක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
Local
07 May 2026
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026