General07 May 2026

උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ

දෙණියාය ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් අද (07) සහ හෙට (08) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කළ බව දෙණියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා.

සිසුන් සහ ගුරුවරුන් අතර මෙම උණ රෝගය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.


ඒ අනුව මාර/දෙනියාය ජාතික පාසල, මාර/දෙනියාය මැතිව්ස් ද්විභාශා මහ විද්‍යාලය., මාර/ සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය. සහ මාර/දෙනියාය රාජපක්ශ මහ විද්‍යාලය එලෙස වසා තැබෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes