International08 May 2026

විජේ ප්‍රමුඛ සන්ධානය තමිල්නාඩුවේ බහුතරය සපුරා ගනී

තමිල්නාඩු ප්‍රාන්තයේ රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය තහවුරු කර ගැනීමට කොලිවුඩ් නළු විජේ නායකත්වය දරන TVK (තමිළග වෙට්ට්‍රි කලගම්) පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සඳහා තීරණාත්මක වී ඇත්තේ, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (CPI) සහ CPM යන පක්ෂ දෙකේ සහයෝගය එම සන්ධානයට හිමි වීමත් සමඟයි.

කොංග්‍රසය සහ VCK පක්ෂයේ සහයද සමඟින් විජේගේ සන්ධානය සතු මුළු ආසන සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ඔවුන්ට තමිල්නාඩුවේ පාලන බලය පිහිටුවීමේ හැකියාව හිමිව තිබෙනවා.

මූලාශ්‍රය | ටයිම්ස් ඔෆ් ඉන්දියා / NDTV
Related recommendation
Hiru TV News | Programmes