General14 May 2026

ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් ගම්පහ ඔස්මන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නමැත්තා පැය 72ක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හමුවේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

ඊයේ රාත්‍රියේ 69 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ගම්පහ ශ්‍රී බෝධිරාම ප්‍රදේශයේදීයි.

ගණේමුල්ල සංජීව ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්ව සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ගිනි අවිය ලබාදී මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීම මොහුට එරෙහිව එල්ලවන චෝදනායි.

ගණේමුල්ල සංජීව පසුගිය වසරේ පෙබරවාරි මස 19 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මතයි ගම්පහ ඔස්මන් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes