General14 May 2026

මිලිමීටර් 150ට වැඩි වර්ෂාපතනයක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි වර්ෂාපතනය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් "රතු" (අවදානම්) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන සඳහාත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහාත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළ කරන්නේ.

එමෙන්ම, තද වැසි සමඟ ඇතිවිය හැකි ගංවතුර සහ නායයෑම් අවදානම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes