International24 May 2026

ධවල මන්දිරය අසල වෙඩි තැබූ සැකකරු හඳුනාගනියි

අමෙරිකාවේ ධවල මන්දිරය පරිශ්‍රයෙන් පිටතදී වෙඩි තැබීමක් සිදු කිරීමෙන් පසු ආරක්ෂක අංශවල වෙඩි පහරින් මියගිය සැකකරු කවුරුන්දැයි මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි "නසීර් බෙස්ට්" (Nasire Best) නමැති තරුණයෙක්.

මොහු මීට පෙර ද 2025 වසරේ ජූලි මාසයේදී බලහත්කාරයෙන් ධවල මන්දිරය තුළට ඇතුළු වීමට දැඩි උත්සාහයක් දරා තිබූ බව සඳහන්.

එම අවස්ථාවේදී ද ඇමෙරිකානු රහස් ඔත්තු සේවය (US Secret Service) විසින් ඔහුව වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes