General29 May 2026

තවදුරටත් ගාසා තීරයේ බලය අල්ලන්නැයි නෙතන්යාහුගෙන් හමුදාවන්ට නියෝග

ගාසා තීරයේ ඊශ්‍රායලය පාලනය කරනු ලබන භූමි ප්‍රමාණය සියයට 70ක් දක්වා ඉහළ දමන ලෙස තමන් ඊශ්‍රායල ආරක්ෂක බලකායට උපදෙස් දුන් බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඊයේ (28) පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තම හමුදාව මේ වන විට හමාස් සංවිධානය දැඩි පීඩනයකට ලක් කරමින් සිටින බවයි.

ගාසා තීරයේ භූමි ප්‍රමාණයෙන් සියයට 60ක පාලනයක් මේ වනවිට ඊශ්‍රාලය සතුව පවතින ඔහු සදහන් කළා.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය, මෙලෙස සිය පාලන ප්‍රදේශය පුළුල් කිරීම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධානත්වයෙන් හමාස් සංවිධානය සමඟ ඇති කරගත් සටන්විරාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related recommendation
Hiru TV News | Programmes