International30 May 2026

ලැට්වියානු කඳු නගින්නන් තිදෙනෙක් ජීවිතක්ෂයට

ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයේ පිහිටි මවුන්ට් මැකින්ලි කන්ද තරණය කරමින් සිටියදී සිදුවූ ඇද වැටීමකින් ලැට්වියානු කඳු නගින්නන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් ගවේෂණ කණ්ඩායමකින් සිව් දෙනෙකු පසුගිය 27 වැනිදා මෙම අනතුරට ලක්ව ඇති අතර, කණ්ඩායමේ සිටි සිව්වන සාමාජිකයා දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් වාර්තා කළේ.

එසේම, මිය ගිය අනෙක් කඳු නගින්නන් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද විදෙස් වාර්තා සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes