ජීවිතාරක්ෂක ගිනි අවි බලපත්‍ර ලබාගෙන ඇති සියලුම බලපත්‍රලාභීන්, බලපත්‍රය ලබාගෙන හෝ අලුත් කර මාස හයක් ගතවූ පසු තම ගිනි අවිය ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර විශේෂ සහතිකයක් ලබාගත යුතු බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.
ආරක්ෂක කවුන්සිලය විසින් ලබා දෙන ලද උපදෙස්වලට අනුව 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව තීරණය ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ඒ අනුව පොලිස් මූලස්ථානය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා.
2026 වර්ෂයට බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, බලපත්‍රය ලබා ගෙන අඩ වර්ෂයක් ගතවූ විට ලඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනි අවිය ඉදිරිපත් කර ගිනි අවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබා ගත යුතු බව ආරක්ෂක කවුන්සිලයෙන් සියළුම ජීවිතරාක්ෂක ගිනි අවි අලුත් කර ගත් බලපත්‍රලාභීන් වෙත උපදෙස් ලබා දී ඇත.
මින් ඉදිරියට සෑම අඩ වර්ෂයකම ජීවිතාරක්ෂක ගිනි අවි බලපත්‍ර ලාභීන්ගේ ගිනි අවි සහ බලපත්‍ර ඉහත සඳහන් පරිදි පරීක්ෂා කර උක්ත සහතිකය නිකුත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිතුමා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත දන්වා ඇත.
ඒ අනුව, 2026 වර්ෂයට අදාලව බලපත්‍ර ලබා ගෙන අඩ වර්ෂයක් ගත වූ විට ලඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනි අවිය ඉදිරිපත් කර එහි ක්‍රියාකාරීත්වය සහ අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබා ගන්නා ලෙස අදාල වර්ෂයට ජිවිතාරක්ෂක ගිනි අවි බලපත්‍ර අලුත් කර ගත් සියළුම බලපත්‍ර ලාභීන් වෙත ශ්‍රී ලංකා පොලිසිය දන්වා සිටියි.
Latest News
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ සුළං
Local
07 June 2026
CBL සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි
Local
07 June 2026
මිනුවන්ගොඩ රන් භාණ්ඩ කොල්ලයට හිටපු සේවකයෙක් ඇතුලු 4ක් දැලේ
Local
07 June 2026
සරම්ප රෝගයෙන් බංග්ලාදේශය සලිත වෙයි: දසදහස් ගණනක් රෝගාතුරයි
Local
07 June 2026
ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය දැවැන්ත විරෝධතාවයක: තරුණ පරපුර දහස් ගණනින් වීදි බසී!
Local
07 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ නව රැජින ලෙස මිරා ඇන්ඩ්‍රීවා කිරුළු පළඳියි
Local
07 June 2026
වර්ෂාව නිසා ශ්‍රී ලංකා - කොදෙව් තරග ආරම්භය ප්‍රමාද වෙයි
Local
07 June 2026
සංචාරක ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට
Local
07 June 2026
ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි
Local
06 June 2026