දකුණු ලෙබනන් කලාපයට එල්ල වූ දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එහි රැඳී සිටි, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බවට විශ්වාස කෙරෙන කාන්තාවක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර අල් ජසීරා පුවත් සේවය ඊයේ (05) වාර්තා කර තිබෙනවා.
ලෙබනනය තුළ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා පළාගොස් තිබුණද, මෙම ලාංකික කාන්තාව යුද කලාපයෙන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කර තිබුණේ අතහැර දමා ගොස් සිටින අසරණ වීදි සතුන් පිළිබඳව උපන් දැඩි දයානුකම්පාව නිසාවෙනි.
ඒ අනුව ඇය එම අවදානම් ප්‍රදේශයේම රැඳී සිටිමින් එම බළලුන් සහ සුනඛයින් පෝෂණය කිරීමට හා රැකබලා ගැනීමට කටයුතු කරමින් සිටියදී මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට ඍජුවම හසුවී තිබෙනවා.
අල් ජසීරා වාර්තාවට අනුව ඇයව හඳුනාගෙන ඇත්තේ 'රහ්මා' (Rahma) යන නමින් පමණක් වන අතර, ඇයගේ සැබෑ අනන්‍යතාවය, පවුලේ තොරතුරු හෝ ඇය ලංකාවේ පදිංචිව සිටි ප්‍රදේශය මෙතෙක් නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකි වී නැහැ.
මේ හේතුවෙන් ඇයගේ සැබෑ අනන්‍යතාවය හඳුනා ගැනීම සහ ඥාතීන් සොයා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවගෙන් හදිසි සහයෝගයක් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කළ නිවේදනයේ මෙම මරණයට හේතු වූ පසුබිම් විස්තර හෝ මෙම සිදුවීම පිළිබඳව නිල වශයෙන් මෙතෙක් සනාථ කර නොමැති වුවද, අදාළ තොරතුරු දන්නා අයෙක් සිටී නම් වහාම දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.
ඒ අනුව තොරතුරු බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 16 වැනි මහලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත පෞද්ගලිකව පැමිණ හෝ +94 11 227 5525 යන දුරකථන අංකය ඔස්සේ මෙන්ම [email protected] යන විද්‍යුත් ලිපිනය හරහාද තොරතුරු ලබා දිය හැකියි.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් ලබා දෙන සියලුම තොරතුරුවල රහස්‍යභාවය උපරිමයෙන් සුරකින බව ද නිලධාරීන් සහතික කර සිටිනවා.

Latest News
ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි
Local
06 June 2026
මීගොඩ දන්සල් අනතුරේ සැඟව සිටි සැකකරුත් අත්අඩංගුවට
Local
06 June 2026
මුන්නේෂ්වරම් වන්දනාවේ ගොස් ආපසු පැමිණි නඩයක් අනතුරක : කාන්තාවක් මරුට - 12ක් රෝහලේ
Local
06 June 2026
සලේට පහරදුන්නේ නෑ! - පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කරයි
Local
06 June 2026
ෆෝමියුලා 3 මොනාකෝ තරගාවලියට යෙවාන් ඩේවිඩ්ගෙන් ඓතිහාසික ආරම්භයක්: සුදුසුකම් ලැබීමේ වටය අවසන්
Local
06 June 2026
නොරොච්චෝල දළුව මෝයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
Local
06 June 2026
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ මන්ත්‍රී ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ!
Local
06 June 2026
හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග: ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්
Local
06 June 2026
පාසල් රග්බි ලීගය 2026: සාන්ත පීතරයන් පරදා සහිරාවට 38-34 ක තියුණු ජයක්
Local
06 June 2026
රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්: මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතනයට
Local
06 June 2026