මින් ඉදිරියට වෙනත් ආයතනවල ක්ෂේත්‍ර රාජකාරි සඳහා ඉන්ධන දීමනාවක් එම ආයතන මගින් ලබා නොදෙන්නේ නම් එකී ක්ෂේත්‍ර රාජකාරි සහ අධීක්ෂණ කටයතුවලින් ඉවත් වීමට සිදුවන බව ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කරන ලද අයවැය චක්‍රලේඛ මගින් රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා 2026 මාර්තු මස පළමුවැනිදා පැවැති මිල ගණන් යටතේ සීමා කිරීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දුෂ්කරතාවලට මුහුණ දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් එම සංගමය පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන් ලිඛිතව දැනුවත් කළ ද මේ දක්වා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් හෝ සහනයක් ලබා දීමට පියවර ගෙන නොමැති බව එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
වර්තමානයේ ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බැවින් පවතින ඉන්ධන දීමනාව යටතේ, රාජකාරි සඳහා පරිභෝජනය කළ හැකි ඉන්ධන ප්‍රමාණය සීමිත වී ඇති බවත්, මේ හේතුවෙන් තම පෞද්ගලික මුදල් වැය කරමින් රාජකාරි කිරීමට සිදුව ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා.
එදිනෙදා කොට්ඨාස මට්ටමින් කරන රාජකාරිවලට අමතරව, විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් කැඳවනු ලබන දිස්ත්‍රික්ක සහ කොට්ඨාස මට්ටමේ සම්බන්ධීකරණ හා ප්‍රගති සමාලෝචන රැස්වීම් විශාල ප්‍රමාණයකට සහභාගී වීමට සිදුවන බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ සාධාරණ විසඳුමක් ලැබෙන තුරු මින් ඉදිරියට පැවැත්වෙන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයෙන් පිට රැස්වීම්වලට හා දේශපාලන සහභාගීත්වයෙන් පවත්වන සියලුම රැස්වීම් සඳහා සහභාගී නොවීමට ඒකමතිකව තීරණය කර ඇති බවයි.
මේ අතර මහජන දිනය පවත්වන සඳුදා දිනයේදී පැවැත්වෙන වෙනත් කිසිදු රැස්වීමකට හෙට දිනයේ සිට සහභාගී නොවීමට ද ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය
කර තිබෙනවා.

Latest News
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026
සුරේෂ් සලේට සුදුසු ප්‍රතිකාර දෙන්න : නැතහොත් වගකීම භාරගන්න - නීතීඥවරයාගෙන් සී.අයි.ඩී ප්‍රධානියාට ලිපියක්
Local
07 June 2026
ගල් අඟුරු කොමිසමේ සාක්ෂි විමසීම ජූලි මුල් සතියේ ඇරඹේ
Local
07 June 2026
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි
Local
07 June 2026
2026 පාසල් රග්බි ලීගය : විද්‍යා විද්‍යාලය 26-10 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කරයි
Local
07 June 2026
පෞද්ගලික බස් ධාවනය හෙටින් පසු සීමාවෙයි
Local
07 June 2026
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා
Local
07 June 2026
ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්
Local
07 June 2026
ගොවි ජනතාවට වාරිමාර්ගයෙන් පණිවුඩයක්
Local
07 June 2026
ඉන්දීය ආර්ථිකයේ 7.8%ක අනපේක්ෂිත වර්ධනයක්
Local
07 June 2026