රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ බිරිඳ,පුත්‍රයා සහ සහෝදරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ ඔහුගේ සුවදුක් විමසීම සඳහායි.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි මස 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි.
මේ වනවිටත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිනවා.
සුරේෂ් සලේ පරීක්ෂා කළ වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව, ඔහුගේ නීතිඥවරුන් පසුගිය 04 වැනිදා මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.
වෛද්‍ය වාර්තාව අනුව ඔහු වධ හිංසාවට භාජනය වී තිබෙන බව පැහැදිලි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සුරේෂ් සලේ සියදිවි නසා ගැනීමේ සම්භාවිතාව උග්‍ර වී තිබෙන බවත් වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් නීතිඥවරුන් එදින පෙන්වා දුන්නා.
එවැනි පසුබිමක සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිඛිත පැමිණිල්ලක් ද යොමු කළා.
එමගින් දන්වා තිබුණේ, තම ස්වාමි පුරුෂයා වන සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සිදු වූ බව පැවසෙන කෲර, අමානුෂික සහ අවමන් සහගත සැළකීම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පවුලේ සාමාජිකයින් හමු වූ අවස්ථාවේ දැනුම් දුන් බවත්, ඔහුට ලැබෙන අඛණ්ඩ මානසික වධ හිංසා සහ පහත්කොට සැළකීම් තවදුරටත් දරා සිටිය නොහැකි යැයි පැවසූ බවත් ඇය පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන්.
එමෙන්ම සුරේෂ් සලේ ට ප්‍රමාණවත් ලෙස ආහාර නොදෙන බවත්, ආහාර ලබා ගැනීමට අවශ්‍ය උපකරණ පහසුකම් නොමැති බවත්, රාත්‍රී 10න් පමණ පසු ඔහුට වැසිකිළි භාවිත කිරීමට පවා අවසර නොමැති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට දරුණු මලබද්ධය සහ විවිධ ශාරීරික සංකූලතා හටගෙන ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වාර්තාවේ ද සඳහන් යැයි සුරේෂ් සලේගේ බිරිඳ සිය පැමිණිල්ලෙන් පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කළ ප්‍රකාශය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ උදය ගම්මන්පිල සඳහන් කළ අයුරින් සුරේෂ් සලේට පහරදීමක් හෝ අමානුෂික ලෙස සැළකීමක් ශ්‍රී ලංකා පොලිසිය කර නොමැති බවයි.
එමෙන්ම සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධව ක්‍රියාකරන ආකාරයට ඔහු සම්බන්ධයෙන් ක්‍රියාකර ඇති බවත් එම සැකකරුට කිසිදු විශේෂ සැළකිල්ලක් හෝ නොසළකා හැරීමක් ද කර නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර පවුලේ ඥාතීන් සුවදුක් විමසීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ නීතීඥවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එමඟින් දක්වා ඇත්තේ සුරේෂ් සලේගේ ශාරීරික තත්ත්වය බියජනක හා අතිශය බරපතල මට්ටමකට පිරිහී ඇති බවට පවුලේ සාමාජිකයන් නිරීක්ෂණය කර ඇති බවයි.
නිලධාරීන් දෙදෙනෙකුගේ ශාරීරික සහය නොමැතිව ඔහුට කිසිවෙකු හමුවීමට පැමිණීමට පවා නොහැකි වී ඇති බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම තමා ඖෂධ, සේලයින්, ආහාර සහ ජලය ප්‍රතික්ෂේප කර ඇති බවට සුරේෂ් සලේ දැනුම්දීමත් සමඟ තත්ත්වය වඩාත් බරපතල තත්ත්වයකට පත්ව ඇති බවයි ඔහුගේ නීතීඥවරයා පවසන්නේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ තම මරණය ආසන්න බව විශ්වාස කරන බවට ප්‍රකාශ කර ඇති අතර ඔහු, තම දෑස් දන් දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ඉල්ලා ඇති බවයි මෙම ලිපියේ දැක්වෙන්නේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයන්ගේ වහාම මැදිහත්වීමක් සහ පුළුල් තක්සේරුවක් හා ප්‍රතිකාර ලබා දීමට හැකි සුදුසු රෝහල් පහසුකමකට ඔහුව වහාම මාරු කර යැවීම අවශ්‍ය බව මෙමඟින් නිල වශයෙන් දැනුම් දෙන බව ද සුරේෂ් සලේගේ නීතීඥවරයා මෙම ලිපිය මඟින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම පැහැදිලි අනතුරු ඇඟවීම නොතකා, වත්මන් තත්ත්වයන් යටතේ පසුවන අතරතුර සලේට ආපසු හැරවිය නොහැකි තුවාලයක් හෝ මරණයක් සිදු වුවහොත් කලින් දැකිය හැකි අවදානමක් හිතාමතාම නොසලකා හැරීමක් දැයි පරීක්ෂා කිරීමට අදාළ බලධාරීන්ට, උසාවිවලට සහ විමර්ශන ආයතනවලට අවස්ථාව ලැබෙනු ඇති බව ද මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Latest News
කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ
Local
07 June 2026
උපවාසයක සිටි සලේ ජාතික රෝහලට
Local
07 June 2026
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026
සුරේෂ් සලේට සුදුසු ප්‍රතිකාර දෙන්න : නැතහොත් වගකීම භාරගන්න - නීතීඥවරයාගෙන් සී.අයි.ඩී ප්‍රධානියාට ලිපියක්
Local
07 June 2026
ගල් අඟුරු කොමිසමේ සාක්ෂි විමසීම ජූලි මුල් සතියේ ඇරඹේ
Local
07 June 2026
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි
Local
07 June 2026
2026 පාසල් රග්බි ලීගය : විද්‍යා විද්‍යාලය 26-10 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කරයි
Local
07 June 2026
පෞද්ගලික බස් ධාවනය හෙටින් පසු සීමාවෙයි
Local
07 June 2026
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා
Local
07 June 2026
ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්
Local
07 June 2026