වසරකට වැඩි කාලයක් නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණා.
ඒ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී යි.
වසර 22 ක් තිස්සේ මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීම සිදුකරන ලද පෞද්ගලික සමාගමේ නිල කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මස අවසන් වීමත් සමග මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කෙරුණා.
යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් රථ සහ බස් රථ ඇතුළු සියලු වාහන කාණ්ඩයන්ට අදාල අංක තහඩු මුද්‍රණ කටයුතු අද දින සිට කඩිනම් කර තිබෙනවා.
මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැනි අදහසක්.
‘විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුල තාක්ෂණික කමිටු ඇගයීම් අනුව අදාල ආයතන තෝරා ගනිමින් ප්‍රමිතිගතව වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මුද්‍රණ කටයුතු නතර තර තිබූ අංක තහඩු ප්‍රමාණයත්, අලුතින් ලියාපදිංචි වන සියලුම වාහන සදහාත් අංක තහඩු දෛනිකව මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරනවා. අංක තහඩුවේ මුද්‍රණ කටයුතු අවසන් වූ විගස ඒ පිළිබද පැය දෙකක් තුල කෙටි පණිවිඩයක් මගින් වාහන හිමියාට දැනුම්දීමටත් නව වැඩපිළිවෙල යටතේ කටයුතු කර තිබෙනවා''

Latest News
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළට
Local
14 July 2026
රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ
Local
14 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
14 July 2026
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026