International08 June 2026

ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නවතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ඉරානයට එරෙහිව දියත් කර තිබූ මිලිටරි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින සටන් විරාම වාතාවරණය මධ්‍යයේ වුව ද, හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව යළි ප්‍රහාර දියත් කිරීමට කටයුතු කළහොත් ඊට දැඩි ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය අවධාරණය කරනවා.

ඒ අනුව, හිස්බුල්ලා පාර්ශ්වයෙන් එල්ල වන ඕනෑම ප්‍රකෝප කිරීමකදී දකුණු ලෙබනන් කලාපය ඉලක්ක කර ගනිමින් සිදුකරන ඊශ්‍රායල ප්‍රහාර මාලාව අඛණ්ඩව ඉදිරියට රැගෙන යන බවද ඊශ්‍රායල රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes