General09 June 2026

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් හෙට (10) පෙ.ව 8.30 සිට එදින ප.ව 6.30 දක්වා පැය 10 ක කාල සීමාවක් සඳහා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවනු ඇති.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes