- ලබන ජුලි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි සැකකරුට සිතාසි - අධිකරණය
- මෙම සිද්ධියෙන් සැකකරු 2012 වර්ෂයේ දී මුදා හැරීමට නීතිපති උපදෙස් දී තිබුණා - සීඅයිඩීය
තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න එහි තුන්වන සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද (10) නම් කරනු ලැබුවා.
මෙම සිද්ධියට අදාල පළමු සැකකරු වන ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි යන අය අත්අඩංගුවට ගැනීමට බාධා කිරීම සම්බන්ධයෙන් මෙම තුන්වන සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙන බව ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වුවා.
තරුණයින් 11 දෙනෙකු ඉකුත් 2008 සහ 2009 වර්ෂවලදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, රඳවා තබා කප්පම් ගැනීම යන චෝදනා යටතේ පවරා තිබු නඩුවෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන 2012 වර්ෂයේ දී මුදා හැරීමට නීතිපති උපදෙස් මත කටයුතු කර තිබූ බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
අගතියට පත් පාර්ශවය ඊට එරෙහිව ගොනු කළ පෙත්සමකට අනුවයි ඔහු සැකකරුවෙකු ලෙස නම් කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබුණේ.
පැහැදිලි සාක්ෂි ඉදිරිපත්ව තිබියදීත් වින්දිත පාර්ශවයේ ඉල්ලීම බැහැර කළ නොහැකි බව එහිදී පුර්වගාමී මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබුණා.
නීතිපතිවරයාගේ උපදෙස් පිළිපැදීමට මහේස්ත්‍රාත්වරයා බැදී නොමැති බවත්, යුක්තිය ඉටු කිරීමේ දී නීතිපතිවරයාට විශාල වගකීමක් පැවරී ඇති බවවත් පුර්වගාමී විනිසුරුවරයා පෙර නඩු දිනයේදී විවෘත අධිකරණයේදී කරුණු සඳහන් කර තිබුණා.
මෙහිදී අද (10) අධිකරණයට කරුණු ඉදිරිපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මෙහි පළමු සහ දෙවැනි සැකකරුවන්ට තිබෙන චෝදනා වෙනස් නොවන බවත් තුන්වන සැකකරු සම්බන්ධයෙන් චෝදනා වෙනස් කර ඉදිරිපත් කරන බවත්ය.
ඒ අනුව මෙම සැකකරුට එරෙහිව නව චෝදනා පත්‍රයක් සකස් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කරන බවයි.
ඒ අනුව, මෙම සැකකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සිතාසියක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධියේ තුන්වැනි සැකකරු ලෙස නම්කර සිටි හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න යන අයට ලබන ජුලි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් සිතාසි නිකුත් කළා.
Latest News
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026