General11 June 2026

''වැඩිහිටි දීමනාව මාස 02කින් දීලා නෑ'' - දයාසිරි ජයසේකර

වැඩිහිටි දීමනාව මාස දෙකකින් ලබාදී නොමැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පවසනවා.

වැඩිහිටියන්ගේ ඉතුරුම්වලට වැඩි කළ 3%ත් දැන් නොලැබෙන බවද ඔහු සඳහන් කළා.

මන්ත්‍රීවරයා මේබව පවසා සිටියේ, සමථකරණ, සිවිල් සහ වාණිජ ආරවුල් සංශෝධිත පනත්  කෙටුම්පත සහ  සාපරාධී  කාරණාවලදී අන්‍යෝන්‍ය සහාය දැක්වීමේ පනත යටතේ නියමය පිළිබඳ අද (11) පාර්ලිමේන්තු විවාදය අමතමින්.
Related recommendation
Hiru TV News | Programmes