General11 June 2026

'එල් නිනෝ' ගෝලීය දේශගුණික තත්ත්වය සක්‍රීය වෙයි : ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයෙන් විශේෂ නිවේදනයක්

නිවර්තන පැසිෆික් කලාපය ආශ්‍රිතව මේ වන විට 'එල් නිනෝ' (El Niño) දේශගුණික තත්ත්වය සක්‍රීය වී ඇති බව ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) නිල වශයෙන් නිවේදනය කරනවා.

එම ආයතනයේ දේශගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පසුගිය මාස කිහිපය තුළ පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය (Sea surface temperatures) ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, මෙම උෂ්ණත්වය ඉහළ යාම මත පදනම්ව 'එල් නිනෝ' තත්ත්වය නිල වශයෙන් බලපැවැත්වෙන බව ඔවුන් තහවුරු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes