International11 June 2026

ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාර ට්‍රම්ප් අවලංගු කරයි

ඉරානය ඉලක්ක කර ගනිමින් අද (11) සවස එල්ල කිරීමට සැලසුම් කර තිබූ සියලුම හමුදා ප්‍රහාර සහ බෝම්බ හෙලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉරාන ඉහළම නායකත්වය සහ කලාපීය රාජ්‍යයන් කිහිපයක් සමඟ ඇති වූ විශේෂ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

"ටෘත් සෝෂල්" (Truth Social) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව තහවුරු කර තිබෙනවා.

"ඉස්ලාමීය ඉරාන ජනරජය සමඟ පැවැති සාකච්ඡා එරට ඉහළම නායකත්වයේ මට්ටම දක්වා ගෙන යාමට හැකි වූ අතර, ඊට අනුමැතිය ද හිමිව තිබෙනවා. එම කරුණ පදනම් කරගෙන, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස මම අද සවස් කාලයේ ඉරානයට එරෙහිව දියත් කිරීමට නියමිතව තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙලීම් අවලංගු කළා." යනුවෙන් ජනපතිවරයා තැබූ එම සටහනේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes