General14 June 2026

මහනුවරට මෙට්‍රො බස් සේවාවක්

මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ලංකා මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ලෝක බැංකු ආධාර මත ඉදිවන මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රමුඛතා මන්තීරු ඔස්සේ ප්‍රධාන මාර්ග 4 ක් තුළ මෙම සේවාව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය ඩිජිටල් තොරතුරු පද්ධති, පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි වේදිකා සහ ස්මාර්ට් කාඩ්පත් තාක්ෂණය වැනි නවීන පහසුකම්වලින් සමන්විත වනවා.

මෙමඟින් නගරයේ ඓතිහාසික උරුමය සුරකින අතර සියලු මගී ජනතාවට කාර්යක්ෂම, ආරක්ෂිත සහ පහසු ගමනක් සැලසීමට අපේක්ෂිතයි.
Related recommendation
Hiru TV News | Programmes