ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ, තණමල්විල සහ හම්බෙගමුව ප්‍රදේශවල සිදු කළ මහා පරිමාණ වැටලීම් දෙකකදී අක්කර දෙකහමාරකට අධික භූමි ප්‍රමාණයක වගා කර තිබූ කංසා හේන් දෙකක් වැටලූ බව යුද හමුදාව පවසනවා.
මෙම මෙහෙයුමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සොයාගත් කංසා පැළ තොගය එම ස්ථානයේදීම ගිනිතබා විනාශ කිරීමට පියවර ගෙන ඇතැයි ද යුද හමුදාව සඳහන් කරනවා.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ කතරගම විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් හම්බන්තොට, බලහරුව, තණමල්විල ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා ඒකාබද්ධ මෙහෙයුමක් කර අක්කරයක පමණ භූමි භාගයක ඉතා සූක්ෂ්ම ලෙස වගා කර තිබූ කංසා ගස් 19,800ක් සිය භාරයට ගෙන තිබූ බව යුද හමුදාව සඳහන් කරනවා.
මේ අතර යුද හමුදා බුද්ධි අංශය සහ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එක්ව හම්බෙගමුව, උනකන්ද, අලිවල ප්‍රදේශයේදී තවත් ඒකාබද්ධ වැටලීමක් සිදු කර අක්කරයක පමණ වගා කර තිබූ කංසා පැළ 23,250 කින් යුත් කංසා හේනක් වටලා තිබුණා. එහිදී සැකකරුවෙකු ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවයි යුද හමුදාව සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
සොයාගන්නා ලද කංසා පැළ තොගය අධිකරණ නියෝග සහ නීතිමය ප්‍රතිපාදනවලට යටත්ව එම ස්ථානයේදීම ගිනිතබා විනාශ කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබුණා.
Latest News
උස්වැටකෙයියාව වෙරළෙන් සහ මාවතගම ළිඳකින් මෘත ශරීර දෙකක් හමුවේ
Local
14 June 2026
යුද හමුදා බුද්ධි තොරතුරකින් මහා පරිමාණ කංසා හේන් 2ක් වටලයි
Local
14 June 2026
සමාජ මාධ්‍ය නීති උල්ලංඝනය කළ පකිස්ථානුවන් 3,500ක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරයි
Local
14 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය මර්දනයට ගන්න එපා - විජයදාස රාජපක්ෂ
Local
14 June 2026
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
Local
14 June 2026
යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
14 June 2026
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026