International15 June 2026

ඉරානයේ ප්‍රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්‍රහාරයකින් බාධා

ඉරානයේ ප්‍රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා.

නමුත්, පාරිභෝගිකයන්ගේ කිසිදු දත්තයකට ඉන් හානියක් සිදුව නොමැති බවයි එරට බැංකු සම්බන්ධීකරණ කවුන්සිලය ප්‍රකාශකර සිටියේ.

එම කවුන්සිලය සඳහන් කළේ, Bank Melli, Bank Tejarat, Bank Saderat සහ ඉරාන අපනයන සංවර්ධන බැංකුව Export Development Bank of Iran යන බැංකු හතරම පොදුවේ භාවිත කරන සන්නිවේදන යටිතල ව්‍යුහයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් තාක්ෂණික කණ්ඩායම් විසින් ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් බැංකු සේවාවලට තාවකාලිකව බාධා එල්ල වී තිබූ බවයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් පවසා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes