බුලත්සිංහල, ඈගල්ඔය මාර්ගයේ පිහිටි දෙමහල් කඩ කාමරයක උඩුමහලේ තිබී මියගිය කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු දෙකක් ඊයේ (14) හමු වූ බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම ස්ථානයේ කුලි පදනම මත පදිංචිව සිටි වයස අවුරුදු 62 ක් වන විජිතසිරි දසනායක සහ ඔහුගේ දෙවැනි බිරිඳ වන වයස අවුරුදු 55 ක් වන වීරගොඩ විදානලාගේ පුෂ්පා ශිරෝමනි සුරසිංහ නමැති අඹුසැමි යුවළයි.
මෙම යුවළ 2018 වසරේ සිට මෙම කඩ කාමරය කුලියට ගෙන පදිංචිව සිට ඇති අතර, පිරිමි පුද්ගලයා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස රැකියාව කර තිබූ බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
මියගිය කාන්තාව එම ගොඩනැගිල්ලේ බිම් මහලේ රෙදි කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර, දින කිහිපයක සිට මෙම දෙදෙනා අතර අරවුල් ඇති කරගෙන තිබූ බවට ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
දින කීපයක සිට මෙම නිවසේ විදුලි බුබුලු දැල්වෙමින් පැවති අතර දොර ඇතුළෙන් අගුළු දමා වසා තිබූ බවට හෙළිවුණා.
එහි සිටි යුවළ ද පෙනෙන්නට නොසිටීම හේතුවෙන් අවට පිරිස් විසින් බුලත්සිංහල පොලිස්ථානයට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, ඒ අනුව ඊයේ (14) රාත්රි 8.00 ට පමණ ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දොර කඩා ඇතුළු වී බැලීමේදී කාමරයේ බිම වැටී තිබූ මෙම සිරුරු දෙක සොයාගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට අනුව කාන්තාවගේ ලේ තැවරුණු අතක් හා පාදවල සුළු කොටසක් පෙනෙන්නට තිබී ඇති අතර, ඇගේ සිරුර සම්පූර්ණයෙන්ම වාගේ ඇඳ ඇතිරිල්ලකින් ඔතා තිබී ඇතැයි පොලිසිය පවසනවා.
පිරිමි පුද්ගලයාගේ කටින් සෙම පිටවී බිරිඳ අසලින්ම වැටී මියගොස් සිට ඇති අතර, එම ස්ථානයේ අධික දුර්ගන්ධයක් පවතින බැවින් සිද්ධිය දින කීපයකට පෙර මෙම සිදුවීම සිදුව ඇති බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව, පුරුෂයා විසින් බිරිඳ ඝාතනය කර, පසුව ඔහු ද වස පානය කර සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය මේ වන විට සැක පහළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මහේස්ත්රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ ඉදිරි පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අයි.එන්.එස්. කස්තුරිආරච්චිගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිල්හාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026
ඩොලරය විකුණුම් අනුපාතය අද රුපියල් 336.58 ක් ලෙස සටහන් වෙයි
Local
15 June 2026
බුලත්සිංහල දෙමහල් වෙළඳසැලක උඩුමහලෙ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවෙයි
Local
15 June 2026
ඇඟලුම් අපනයන ආදායම මුල් මාස 4 තුළ 7.3%කින් පහතට
Local
15 June 2026
ශ්රී ලංකාවට එරෙහි 20/20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
Local
15 June 2026
ටියුනීසියාව පරාජය කරමින් ස්වීඩනයට ජය
Local
15 June 2026
ඉරානයේ ප්රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්රහාරයකින් බාධා
Local
15 June 2026