අමෙරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් B-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් (B-52 Stratofortress) වර්ගයේ දැවැන්ත බෝම්බ හෙළන යානයක් දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් (Edwards Air Force Base) ගුවන්ගත වී සුළු වේලාවකින් අනතුරට ලක්ව ඇති බව එම බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
යානය කඩා වැටීමත් සමඟ එම ප්‍රදේශයෙන් සැතපුම් ගණනාවක් ඈතට දිස්වන පරිදි විශාල කළු දුමාරයක් අහසට නැඟී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, අනතුර හේතුවෙන් කිසිවෙකුටවත් තුවාල හෝ ජීවිත හානි සිදුව ඇතිද යන්න පිළිබඳව ගුවන් කඳවුරු බලධාරීන් මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැහැ.
"හදිසි මුදවා ගැනීමේ කණ්ඩායම් වහාම අනතුර සිදුවූ ස්ථානයට ළඟා වී ඇති අතර, මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. වැඩිදුර තොරතුරු අනාවරණය වූ වහාම ලබාදීමට කටයුතු කරනවා." යනුවෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ පිළිබඳව බීබීසී (BBC) පුවත් සේවය එඩ්වර්ඩ්ස් ගුවන් කඳවුරේ නියෝජිතයෙකුගෙන් විමසීමක් කර ඇති අතර, ඔවුන් දැනට පවතින තත්ත්වය පිළිබඳව අමතර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අනතුරින් පසු 'X' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර සඳහන් කර ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් පථය වසා දමා ඇති අතර කඳවුර වෙත පැමිණීමට නියමිතව තිබූ අනෙකුත් සියලුම ගුවන් යානා වෙනත් ගුවන් පථ වෙත හරවා යැවීමට පියවර ගත් බවයි.
මීට අමතරව, සමස්ත කඳවුරේ අවධානය හදිසි සහන සේවා මෙහෙයුම් වෙත පමණක් යොමු කිරීම සඳහා වාණිජ නොවන බාහිර අමුත්තන් පැමිණීමේ බලපත්‍ර ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
මූලාශ්‍රය - බීබීසී

Latest News
අමෙරිකානු ගුවන් හමුදාවේ දැවැන්ත B-52 යානයක් කඩා වැටෙයි; එඩ්වර්ඩ්ස් ගුවන් පථය වහාම වසා දමයි
Local
16 June 2026
හෝමුස් විවෘත කිරීමට ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පෙරමුණට: රටවල් 20ක ඒකාබද්ධ මෙහෙයුමක් සූදානම්
Local
15 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් විවෘතයි : අමෙරිකාව සහ ඉරානය මූලික එකඟතාවන් අත්සන් කර අවසන්
Local
15 June 2026
අමෙරිකාව - ඉරානය ගිවිසුම් ගතවුවත්, හමුදා ඉවත් කරගන්නේ නැහැ : ඊශ්‍රායලය කියයි
Local
15 June 2026
රටේ ආහාර සුරක්ෂිතතාව බරපතලයි; මිලියන 06කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ - මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
15 June 2026
පංච පුද්ගල ඝාතනයකට පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ්
Local
15 June 2026
පාස්කු නඩුවේ ඊබ්‍රාහීම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටවෙලා - ගම්මන්පිල
Local
15 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026