ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් මුළා කරමින් සිදුවන සංවිධානාත්මක විභාග වංචා වැළැක්වීම සඳහා එළඹෙන ජුනි 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ‘ටෙලිග්‍රෑම්’ (Telegram) සමාජ මාධ්‍ය යෙදවුම ඉන්දියාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.
ඉන්දීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම තහනම නිශ්චිත සහ සීමිත කාලසීමාවක් සඳහා පමණක් පනවා ඇති බවයි.
ඉන්දියාවේ ස්වෛරීභාවය සහ අඛණ්ඩතාව සුරැකීම උදෙසා අන්තර්ජාල වෙබ් අඩවි හෝ යෙදවුම් අවහිර කිරීමට රජයට බලය පවරන දැඩි තොරතුරු තාක්ෂණ නීතිමය ප්රතිපාදනයක් (IT Law) යටතේ මෙම තහනම පනවා තිබෙනවා.
වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර කල්තියා පිටකිරීම සහ අපේක්ෂකයින් මුළා කිරීම සඳහා විවිධ වංචනික කල්ලි විසින් ටෙලිග්‍රෑම් වේදිකාව සංවිධානාත්මකව භාවිත කිරීම මීට හේතුව වී ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුගිය මාසයේදී පවත්වන ලද, 'ජාතික සුදුසුකම් සහ ප්‍රවේශ පරීක්ෂණය' (NEET) නමැති ප්‍රධාන වෛද්‍ය උපාධි ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින්ම පිටවී ඇති බව බලධාරීන් අනාවරණය කර ගැනීමත් සමඟ සමස්ත විභාගයම අවලංගු කිරීමට ඉන්දීය රජයට සිදුවුණා.
ඒ අනුව, නැවත පවත්වනු ලබන නව විභාගය එළඹෙන ජූනි 21 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
"ජූනි 21 වැනිදා පැවැත්වීමට නියමිත NEET 2026 ප්‍රති-විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් මුළා කිරීම සඳහා වංචනික කල්ලි විසින් මෙම සමාජ මාධ්‍ය වේදිකාව සංවිධානාත්මකව භාවිත කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම දැඩි පියවර ගත්තා," යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පරීක්ෂණ ඒජන්සිය (NTA) පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත්, ඉන්දීය රජයේ මෙම ක්ෂණික තහනම පිළිබඳව අදහස් දැක්වීම සඳහා ටෙලිග්‍රෑම් (Telegram) සමාගම මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Latest News
පෙර අභියෝග ජයගත්තා ලෙසින්ම ඩෙංගු අභියෝගයත් සාමූහිකව ජය ගනිමු - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
16 June 2026
ලෙබනනය, සිරියාව සහ ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර නොගන්නා බව ඊශ්‍රායල අගමැති කියයි
Local
16 June 2026
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ට්රාන්ස්ෆෝමරයක හදිසි ගින්නක්
Local
16 June 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය ජූලි 03 වැනිදා
Local
16 June 2026
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්
Local
16 June 2026
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩ අරඹයි!
Local
16 June 2026
ඉන්දියාවේ ''ටෙලිග්‍රෑම්'' ජුනි 22 දක්වා අවහිර කෙරේ
Local
16 June 2026
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි
Local
16 June 2026
රට වටා රන්මාල කොල්ලකෑ අයෙක් කඩුවක් සහ රන්ගුලි 9ක් එක්ක අත්අඩංගුවට
Local
16 June 2026
ත්‍රී රෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
Local
16 June 2026