International16 June 2026

අමෙරිකා - ඉරාන එකඟතාවයේ පළමු අදියර සාර්ථකයි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරානය සමග ඇති කරගත් එකඟතාව සාර්ථක මට්ටමක පවතින අතර, එය වඩාත් පහසු දෙවැනි අදියරක් කරා මේ වන විට ගමන් කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුව අතරතුර මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම එකඟතාවන් කෙසේ වුවද අමෙරිකාව විසින් ඉරානය තුළ කිසිදු මුදලක් ආයෝජනය කිරීමට පියවර නොගන්නා බවයි.

පළමු අදියර සාර්ථකව අවසන් වී ඇති බැවින්, දෙවැනි අදියරේ කටයුතු මීට වඩා බොහෝ සෙයින් පහසු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් කියා සිටියා.


Related recommendation
Hiru TV News | Programmes