කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ 'SG423' දරන මගී ප්‍රවාහන නෞකාව (Ferry) මගින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ බවට සැකපිට මඟීන් 26 දෙනෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගු බුද්ධි අංශයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව අද දින (17) මෙම වැටලීම සිදු කර තිබුණා.
මෙලෙස රේගු භාරයට ගෙන ඇති පිරිස අතර ඉන්දියානු සහ ශ්‍රී ලාංකික මගීන් පිරිසක් සිටින බවයි රේගුව සඳහන් කළේ.
පිරිස අතර ඉන්දියානු ජාතිකයින් 17 දෙනෙක්, ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයින් තිදෙනෙක් හා කාන්තාවන් 06 දෙනෙක් වන බව සඳහන්.
මූලික සෝදිසි කිරීම්වලදී එම පිරිස අතරින් පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ තිබී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රන් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වුණා.
සෙසු සැකකරුවන් ද සිය ශරීර අභ්‍යන්තරයේ රන් සඟවාගෙන ප්‍රවාහනය කරන්නේද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුව තිබෙන අතර ඔවුන් සියලු දෙනාම විශේෂ එක්ස්-රේ (X-ray) සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Latest News
බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට
Local
17 June 2026
අධිවේගයේ ආසන පටි අනිද්දා සිට අනිවාර්යයි
Local
17 June 2026
මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට
Local
17 June 2026
වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
17 June 2026
''ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරීයි'' සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි
Local
17 June 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානයට
Local
17 June 2026
ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල හෙට සිට පහළට
Local
17 June 2026
කොටගල මංගල සාදයක ගැටුමක් සමතයට ගිය OIC ඇතුළු නිලධාරීන්ට පහරදීමක්; 6ක් කොටු
Local
17 June 2026
පෑලියගොඩ පොලිසියේදී නීති ශිෂ්‍යයකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියට හිටපු OIC ඇතුළු පොලිස් නිලධාරීන් හතරකට අධිචෝදනා
Local
17 June 2026
''නිසි ලෙස නොහැසිරුණොත් ඉරානයට බෝම්බ හෙළනවා'' - ට්‍රම්ප්
Local
17 June 2026