International18 June 2026

අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කරමින්, දෙරට අතර නවතම ද්විපාර්ශ්වික එකඟතා ගිවිසුමකට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් විසින් විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබෙනවා.

මෙම අත්සන් තැබීමත් සමග දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දින 60ක කාලසීමාවකින් යුත් විශේෂ සාකච්ඡා කවුළුවක් නිල වශයෙන් බලාත්මක වන බව වාර්තා වනවා.

ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්ථිර කර සිටියේ, "එය අත්සන් කර අවසන්. වර්සායි හිදී ඊට අත්සන් තැබුණා," යනුවෙන්.

මෙම ප්‍රධාන එකඟතාවයට පෙර, ඉකුත් ඉරිදා දිනයේදී අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගාලිබාෆ් (Mohammad Bagher Ghalibaf) විසින් ද මේ සඳහා වන මූලික එකඟතාවයට විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබුණා.

වසර ගණනාවක් පුරා දෙරට අතර පැවති දැඩි රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවයෙන් පසුව, රාජ්‍ය නායකයන් දෙපළ මෙලෙස ගිවිසුමකට එළඹීම සමස්ත ලෝක දේශපාලනයේම දැඩි අවධානයට ලක්ව ඇති සුවිශේෂී සිදුවීමක්.
Related recommendation
Hiru TV News | Programmes