General24 June 2026

"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්

වියට්නාමයේ සහ ඉන්දුනීසියාවේ ගම්මිරිස්වලට වඩා ලංකාවේ ගම්මිරිස්වලට ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇති බව කෘෂි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

"වියට්නාම සහ ඉන්දුනීසියාවේ ගම්මිරිස්වලට වඩා අපේ ගම්මිරිස්වලට ලෝක වෙළෙඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. අපේ ගම්මිරිස්වල මිල සාමාන්‍යයෙන් වැඩියි.

සාමාන්‍යයෙන් වියට්නාම ගම්මිරිස් ඇට 04ක් විතර හපන්න ඕනි, අපේ එක ගම්මිරිස් ඇටේක සැර ගන්න. අපේ ගම්මිරිස්වලට ලෝකෙ වෙනම ඉල්ලුමක් තියෙනවා" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes