International27 June 2026

දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ තිරපිටපත් රචකයෙකු වූ කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් අසාධ්‍යව චෙන්නායිහි පිහිටි ඇපලෝ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 73 වැනි වියේ පසු වුණා.

භාග්‍යරාජ් සිය සිනමා දිවිය ආරම්භ කර ඇත්තේ ප්‍රවීණ අධ්‍යක්ෂ භාරතිරාජාගේ '16 වයතිනිලේ' (1977) චිත්‍රපටයේ සහායකයෙකු සහ සුළු චරිතයකටද පණ පොවමින්.

පසු කලෙක (Mundhanai Mudichu), (Andha 7 Naatkal) සහ (Mouna Geethangal) වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරමින් දෙමළ සිනමාව තුළ ඔහුට ආවේණික තිරපිටපත් ශෛලියක් නිර්මාණය කරගෙන තිබුණා.

දශක පහකට ආසන්න කාලයක් පුරා පැතිරුණු සිය සිනමා ජීවිතය තුළ චිත්‍රපට 25කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර ඇති භාග්‍යරාජ් චිත්‍රපට 75කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes